Subscribe:

Wednesday, May 26, 2010

මෙන්න වෙසක්

වෙසක් දිනයෙහි ලෝකය පුරා සිටින විවිධ සම්ප්‍රදායයන්ට අයත් බෞද්ධ ජනතාව, ගෞතම බුදු හිමියන්ගේ උපත, බුදු වීම හා පරිනිර්වානය යන වැදගත් සිද්ධින් අනුස්මරණය කිරීම සදහා වෙසක් උත්සවය පවත්වයි. නමුත් "වෙසක්" බුදුන් වහන්සේගේ ජන්ම දිනය සේ සළකා සැමරීමට එකඟ වුයේ 1950 දී ශ්‍රී ලංකාවේ පැවැත්වුනු ලෝක බොදු සම්මේලනයේ පළමු සමුලුවේදීය. එම සමුලුවේදි මේ සම්බන්ධයෙන් ඇති වූ යෝජනාව පහත පරිදි ය. “නේපාලයේ වෙසක් පුර පසළොස්වක දිනය නිවාඩු දිනයක් කිරීමට නේපාල මහරාජයා ගත් අගනා තීරණය අගය කරමින්, සියලු ලෝක සත්වයින්ගේ යහපත වෙනුවෙන් ක්‍රියා කළ බුදුන් වහස්සේට ගරු කිරීමක් ලෙස මැයි මස පුරපසළොස්වක දිනය නිවාඩු දිනයක් ලෙස නියම කරන ලෙස සුලුවෙන් හෝ මහා පරිමාණයෙන් බෞද්ධ ජනතාව වාසය කරන සියලු රටවල රාජ්‍ය නායකයින්ගෙන් ඉල්ලා සිටී” යනුවෙනි. -වෙසක් දිනය බෞදධයන් විසින් සෑමරීම-(කෙටියෙන්) වෙසක් දිනයේ සියලු සැදැහවත් බෞද්ධයින් හිමිදිරි උදෑසන ඔවුන්ගේ විහාරස්ථාන වෙත ගොස් තෙල් .මල්, හඳුන් කූරු,සුවද දුම්,පහන් යනාදියෙන් බුදුන් පුදනු ලබයි. "මෙසේ පූජා කරන මල් කාලයත් සමග පරවී යන්නා සේම. ඉටින්දම්, හඳුන්කූරු දැවි අවසාන වේන්නා සේම ජිවිතයද ජරාවට පත් වී අවසාන වන බව සංකේතවත් කිරීම සඳහා මෙම පූජාවන් වල අර‍්ථය ලෙස සෑලකීමට හෑක". තොරණ් වෙසක් කුඩු එහෙමත් හදනවනේ වෙසක් එකට ඔන්න ඉතින් මමත් දෑම්මා තොරණක් මගේ බ්ලොග් එකට .හොදද ඒක? හෑමෝටම සුබ වෙසගක් වෙවා!!!

3 comments:

හා පැටික්කි (MS) said...

ම්ම්........ මෙදා පොටේ නම් ප්රූෆ් බලල. හොඳයි වෙසක් අතීතය ටිකක් දැනගන්න.

තොරණත් හොඳයි......
(හැබැයි මලේ තොරණක් කියන්නෙ ජාතක කතා වස්තුවක් තියන එකක් නේද?????)

නිල් අහස said...

කතා වස්තුවක් නම් තමයි ඒත් මම හිතන්නේ තොරණ මොණරගෙන් බිදී අපු වචනයක්....හි හි හි :P

Hasitha Gunasinghe said...

සුභ වෛශාඛ්‍ය මංගල්‍යයක් වේවා !!!