Subscribe:

Tuesday, July 19, 2011

කිසිම software එකක් භාවිතා නොකර Desktop එකට Animation එකක් දෙමු

මේක ඉතින් හෑමෝටම කරන්න පුලුවන් එකක් .මේකට ඕන වෙන්නේ Notepad එක විතරයි .ඉස්සෙල්ලම Notepad එක open කරගෙන .මේ කෝඩ් එක කොපි කරගෙන Notepad එකේ පේස්ට් කරගන්න .

ඊට පස්සේ එක සේව් කරගන්න කැමති තැනක .මතක ඇතුව සේව් කරනකොට .html කියල extension එකක් දෙන්න (Eg: myfile.html ).
ඊට පස්සේ ඩෙක්ස්ටොප්  එක රයිට ක්ලික් කරලා Properties ගිහින් Background ටැබ් යටතේ තියන Browser button එක උඩ ක්ලික් කරලා ෆයිල් එක සේව් කරපු තෑන පෙන්නන්න. ඊටපස්සෙ Apply කරලා Ok කරන්න.කොහොමද  වැඩේ? 

-දෑන්   අපි බලමු මේ  කෝඩ් වල තේරුම් මොනවද  කියලා-

1.<html> මේකෙන් කියන්නේ මේක HTML ෆයිල් එකක් කියලා

2.<body > අපි හදහන ෆයිල් එකේ අන්තර්ගතය

3.<img src=""/>මේ ෆයිල් එකට පින්තුරයක් ඇතුලත් වන බව සහ එක තියන තැන ("මේක ඇතුලේ  පින්තුරේ තියන   තැන ")(Eg:"c:/mycoputer/document/pictures/nature.jpg")[jpg කියන්නෙ පින්තුරෙ ෆයිල් ෆොමෑට් එක .ගොඩක් අපි පාවිච්චි කරන පින්තුර  ෆයිල්  වල තියෙන්නෙ jpg,jpeg,gif,png වගෙ එවනේ . එක ෆයිල් එකෙ Properties ගියහම බලා  ගන්න පුලුවන් .File  ෆොමෑට් එක හරියට දේන්න නෑත්තන් පින්තුරෙ හරියට වෑටෙන එකක් නෑ .]

width="1360" දන්නවනේ ඉතින් මේකෙන් කියන්නේ පළල ගෑන   කියලා
height="750"මේක උසනේ ඉතින් .
පින්තුරෙ  උස පළල තමයි මේ 2 කියන්නේ .පේනවනේ මගේ මොනිටර් එකෙ උස  768 උනාට මම දාලා  තියෙන්නේ 750 යි කියලනේ .එහෙම දම්මේ ඔය text එකටත් ඉඩක් වෙන්කරන්න ඕනෙනේ  කොටසක් .නැත්තන් wallpaper එකෙන් කොටසක් පෙන්නේ නැතුව යයි. එක නිසා හරි ගානට උස  හදා ගන්න.

4.<marquee> animation එකට අදාල කෝඩ් එක (ඕකට < marquee behavior > කියලත් දාලා බලන්න .)
5.<font face="red"> අකුරුවල පාට .කෑමති එකක් දා ගන්න red වෙනුවට.
6.<h1>මෙකෙන් කියන්නෙ අකුරුවල ප්‍රමාණය (size)(h1,h2,h3,h4,h5,h6 මේ හෑම එකක්ම දාල බලන්න )
7.</body>අන්තර්ගතයේ අවසානය .

8.</html>Html file   එකෙ අවසානය.


පුලුවන් තරම් සරලව තමයි කියා දුන්නේ .ගොඩක් කෝඩ් දෑම්මෙත් නෑත්තෙ හමොටම ලෙසියෙන් කරන්න පුලුවන් වෙන්නයි.
මොනව හරි ප්‍රශ්න, අදහස් ,යොජනා, චොදන ඕන එකක් දාලා යන්න්න  අමතක කරන්න එපා
 


6 comments:

Unknown said...

අපි නම් අත්හදා බැලුවේ නැ නමුත් හිතනවා කොඩ් එක හොදයි කියලා,

රෙස්ලින්.lk කන්ඩායම

Unknown said...

එල මාත් කරල බලන්නම්. http://rmpmcreation.blogspot.com/

dream boy said...

මේක XP වලට විතරද හරි යන්නේ ?

නිල් අහස said...

Xp වලට විතරක් උනත් .html ෆයිල් එකක් නිසා ඔයගේ බ්‍රව්සර් එකෙන් උනත් ප්‍රිවිව් එක බලන්න පුලුවන් .

මලිති said...

අනේ මගේ තියෙන්නේ වින්ඩෝස් 7, ඒකේ ඩෙස්ක්ටොප් එකේ උඩ රයිට් ක්ලික් කලාම Properties නැහැනේ :( උදව්..... :/

Anonymous said...

@මලිති-Wallpaper එකක් දාන්න .එතකොට හරි යයි.